උතුරුදිග ප්රංශයේ මහල් නිවාසයක ගින්නකින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම ගින්න ඇති කළේ යැයි සැකකෙරෙන පුද්ගලයා ප්රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය අය අතර කුඩා දරුවන් දෙදෙනෙකුද සිටින බව විදෙස් වාර්තා පවසයි.
බදාදා උදෑසන මෙම ගින්න ඇති වී ඇති අතර, ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාවේ 100ක් පමණ යෙදවූ බව ප්රංශ බලධාරීන් පවසයි.
ගින්නට මැදිවූ හතර දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකි වුවත්, ඒ අතර බරපතල තත්ත්වයේ පසුවන්නන්ද සිටින බව බලධාරීන් වැඩිදුරටත් පවසයි.