ජෙනරාල් මෝටර්ස් සමාගමේ යුරෝපා ශාඛාව ඇ.ඩො. කෝටි 190කට මිලදී ගැනීමට ප්‍රංශයේ පී.එස්.ඒ සමාගම එකඟත්වය පළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රංශයේ පර්ජෝ සහ සිට්රන් මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල හිමිකාරිත්වය දරන්නේද පී.එස්.ඒ. සමාගම විසිනි.
බ්‍රිතාන්‍යයේ වොක්ෂෝල් මෝටර් සමාගම සහ ජර්මනියේ ඕපල් සමාගම ජෙනරල් මෝටර්ස් ආයතනයේ යුරෝපා ශාඛාවට අයත් වන බව විදෙස් වාර්තා පවසයි.
ජෙනරල් මෝටර්ස් සමාගමේ යුරෝපා ශාඛාව 1999 වසරේ සිට ලාභ ලබා නොමැති වීමද මෙවැනි ගනුදෙනුවකට හේතු වී ඇත..
එක්සත් රාජධානියේ එල්ස්මියර් සහ ලූටන් ප්‍රදේශවල පිහිටි වොක්ෂෝල් සමාගමට අයත් කර්මාන්තශාලාවල 4,500ක් පමණ සේවයේ යෙදෙන අතර, මෙම ගනුදෙනුව හේතුවෙන් වොක්ෂෝල් සමාගමේ රැකියා කප්පාදුවක් සිදුවනු ඇති බවට බිය පළ වෙයි.
කෙසේ වෙතත්, මෙම ගිවිසුම අත්සන් තැබීමත් සමග පී.එස්.ඒ. සමාගම යුරෝපයේ දෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන ආයතනය බවට පත්වනු ඇත.