ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු වූ එටීනී ටෙරස්ගේ සිතුවම් සහිත කෞතුකාගාරයක ඇති සිතුවම් ඔහුගේ සිතුවම් නොවන බවත්, ඒවා ව්‍යාජ සිතුවම් බවත් හෙළිව තිබේ.
දකුණුදිග ප්‍රංශයේ, එල්න් ප්‍රදේශයේ පිහිටි ද ටෙරස් කෞතුකාගාරයේ වූ සිතුවම් 82ක් ඔහුගේ සිතුවම් ලෙස සඳහන් කර තිබුණත්, ඒවා ඔහුගේ සැබෑ නිර්මාණයන් නොවන බව අනාවරණය කර ඇත.
ඒ අනුව, මෙම කෞතුකාගාරයේ වූ කලා කෘතිවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ඒවා බවත්, ඒවා යූරෝ 160,000ක් පමණ වටිනා බවත් පවසා ඇත.
කෙසේ වෙතත්, කෞතුකාගාරයේ සිටි සේවකයන් පවා මේ සම්බන්ධයෙන් අවබෝධයකින් නොසිට ඇති අතර, පසුව ඒ වෙත පැමිණි ඉතිහාසඥයෙකු කළ හෙළි දරව්වක් නිසා ඔවුන්ද යථාර්ථය අවබෝධ කරගෙන තිබේ.