ගිණිකොණදිග ප්‍රංශයට බලපා ඇති තද සුළං හා අධික වාර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මිනිස් ජීවිත 16ක් බිලිගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය පවසයි.
ඇනිටිබේස් නගරයේ වූ වැඩිහිටි නිවාසයක් ජලයෙන් යටවීම නිසා එහි සිටි වැඩිහිටියන් තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ගංවතුර තත්ත්වය හේතුවෙන් තවත් පිරිසක් අතුරුදන්ව සිටින බවද බලධාරීන් කියයි.
මේ අතර, උමං මාර්ග හා උමං රථ ගාල්වල සිටි පිරිස් තම මෝටර් රථවල කොටුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.
ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ විසින් ගංවතුරින් පීඩාවට පත් කලාපය ස්වභාවික විපතකට ගොදුරු වූ පළාතක් ලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලදී.