ප්‍රංශයට එල්ල වූ IS ප්‍රහාරයේ මියගිය පිරිස් සිහිපත් කෙරේ
IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයෙකුගේ වෙඩි පහරට ලක්ව පසුගිය සිකුරාදා ප්‍රංශයේ, ට්‍රේබ්ස් නගරයේදී මියගිය වැසියන් සිවුදෙනා සිහිපත් කරමින් දේව මෙහෙයක් පවත්වා තිබේ.
ස්ථාන කිහිපයක සිදුවූ මෙම ප්‍රහාරයේදී සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුවූ ප්‍රාණ ඇපකාර සිද්ධියේදී එම සාමාන්‍ය වැසියන් බේරාගැනීමට තම ජීවිතය කැප කරමින් ඉදිරිපත් වූ පොලිස් නිලධාරී ආනෝඩ් බෙල්ට්රේම් වෙත විශේෂ ගෞරවයක් පුද කිරීමද පුද කරමින් ඔහු වීරත්වයේ තැබීය.
ප්‍රංශය පුරා පසුගිය කාලයේ එල්ල වූ ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාර මාලාව බැලීමේදී මෙම ප්‍රහාරය වත්මන් ජනපති එමාර්නුවෙල් මැක්රෝන් සමයේ සිදුවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරය සිදුකළ ජිහඩ් ත්‍රස්තයා 25 හැවිරිදි රෙඩෝනේ ලක්ඩිම් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු මුල සිටම අන්තවාදය පතුරන්නෙකු ලෙස බුද්ධි අංශවල නිරීක්ෂණයට ලක්ව තිබුණත්, ඔහු ප්‍රහාරයක් දියත් කරනු ඇති බවට සැකයක් මතුවී නැත.
කෙසේ වෙතත්, 2015 නොවැම්බර් මාසයේදී පැරීසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ නිරුපද්‍රිතව අල්ලා ගැනුණු සලාහ් අබ්දෙසලාම් මුදාහරින ලෙස ඉල්ලමින් මොහු මෙම ජිහාඩ් ප්‍රහාරය එල්ල කර තිබීමද කැපී පෙනෙයි.
ඒ අනුව, යුරෝපය පුරා දියත් වන ජිහාඩ් ත්‍රස්ත අවදානම තවමත් පහව ගොස් නැති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 2015 ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



