දකුණුදිග ප්‍රංශයේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සෙන්ට් ට්රොපේස් නගරයට කිලෝමීටර් 50ක් පමණ වයඹදිගින් වූ වාර් ප්‍රදේශයේ කාර්සීස් ජලාශය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
වනාන්තර ප්‍රදේශයක් හේතුවෙන් සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයකින් පසුව මියගිය අයගේ සිරුරු සොයාගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, අනතුරට පත් හෙලිකොප්ටර් යානා දෙකම ඊලට් හමුදා පුහුණු පාසලට අයත් යානා දෙකකි.
බලධාරීන් පවසා සිටියේ මෙම හෙලිකොප්ටර් යානාවලින් හමුදා සේවයට සහ වෙනත් ආරක්ෂක අංශවලට අවශ්‍ය ගුවන් නියමුවන් පුහුණු කරන බවයි.