ප්‍රංශයේ වරාය නගරයක් වන කැලේ හිදී සංක්‍රමණික ඇෆ්ගන් සහ එත්රියන් සරණාගතයන් අතර ගැටුමක් සමග සිදුවූ වෙඩි තැබීම් නිසා සරණාගතයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
35 හැවිරිදි ඇෆ්ගන් සරණාගතයෙකු මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි වැදීමෙන් තවත් එත්රියන් සරණාගතයන් 4 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ප්‍රංශ පොලීසිය පවසයි.
සරණාගතයන් වෙත නොමිලේ ආහාර ලබාදෙන පොලිමක ඇති වූ ගැටුමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
මහා බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වීමට පැමිණි සරණාගතයන් සිය ගණනක් මෙම ප්‍රදේශයේ රැඳී සිටින අතර, 2016 වසරේදී සුප්‍රසිද්ධ කැලේ සරණාගත කඳවුර ගලවා ඉවත් කිරීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කරනු ලැබිණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ප්‍රංශ බලධාරීන් පවසන්නේ සරණාගතයන් අතර සිටින දාමරිකයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.