උතුරුදිග ප්‍රංශයේ පිහිටි සරණාගත කඳවුරක ඇති වූ ගින්නකින් නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
සරණාගතයන් 1,500ක් පමණ රැඳී සිටි මෙම සරණාගත කඳවුර තුළ ඇෆ්ගන් හා කුර්දි සරණාගතයන් අතර ඇති වූ ගැටුමක් මෙම ගින්නට හේතුව බව විශ්වාස කෙරෙයි.
ග්‍රැන්ඩේ සින්තේ සරණාගත කඳවුරේ ඉතා ආසන්නව පිහිටි සරණාගත නිවාස ගින්නට හසුවීම නිසා එහි සිටි පුද්ගලයන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද පැවසෙයි.
මෙම කඳවුරු භූමිය තුළ පැවති අසහනාකාරී තත්ත්වය හේතුවෙන් පසුගිය මාසයේදී කඳවුර ගලවා ඉවත් කීරීමටද යෝජනා වූ බව බලධාරීහු පවසති.
බ්‍රිතාන්‍යයට ඇතුළුවීම සඳහා පැමිණි සරණාගතයන් රැසක් මෙම කඳවුර තුළ රැඳී සිටි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.