ප්‍රංශයේ මහ මැතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමට අනුව ජනපති මැක්රෝන්ගේ පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක පෙරනිමිති පෙන්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.
පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ලා රිපබ්ලීක් එන් මාර්ෂේ සහ ඔවුන් සමග එක්ව සිටින මොඩෙම් පක්ෂය සමස්ත ආසන සංඛ්‍යාවෙන් 75% - 80% ත් අතර ප්‍රමාණයක් ජයග්‍රහණය කරනු ඇති බව කියැවෙයි.
අද (18දා) මහ මැතිවරණයේ දෙවැනි වටයේ ඡන්දය පැවැත්වෙන අතර, පසුගිය සතියේ පැවති පළමු වටයේදී ලැබූ ජයග්‍රහණ සමග ඉදිරියෙන්ම සිටි අපේක්ෂකයන්ද තවදුරටත් ඉදිරියට යෑමට දෙවැනි වටයේදී කටයුතු කරනු ඇති බව කියැවෙයි.
ප්‍රංශ පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 577 න් ආසන 289ක් ලබාගන්නා පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමේ බලය හිමි වුවත්, මෙවර මැතිවරණයෙන් මැක්රෝන් ආසන 400 ඉක්මවා ගනු ඇති බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, එරට සාම්ප්‍රදායික පක්ෂ ඡන්ද දායකයන්ගෙන් අයැද සිටින්නේ දේශපාලන ඒකාධිකාරයක් ඇතිවීම වැළැක්වීම සඳහා මැක්රෝන්ට විරුද්ධ දේශපාලන පක්ෂ වෙතද ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.