ප්රංශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි මුස්ලිම් දැරියක දිගු කළු සායක් ඇඳ පාසල් පැමිණීම හේතුවෙන් ඇය පාසලෙන් නැවත හරවා යවා ඇති බව බී.බී.සී.ය කියයි.
මෙම සිදුවීමත් සමග එම පාසලට දැඩි විරෝධයක් මතුවී තිබේ. සාරාහ් නැමති මෙම සිසුවිය දෙවරක් මෙසේ පන්ති තහනමට ලක්ව ඇති අතර, ආගමික සංකේත පාසල තුළ තහනම් බැවින් ඇයව මෙසේ හරවා යවා ඇති බව එහි විදුහල්පතිවරයා පවසා ඇත.
කෙසේ වෙතත්, තමන් හිස් පළඳනාවක් භාවිත නොකරන නමුත්, දිග හෝ කොට ඕනෑම සායක් ඇඳීමේ අයිතිය තමන්ට ඇති බව ඇය පවසා ඇති අතර, එය ආගමික සංකේතයක් නොවන බවද පවසා තිබේ.
එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජජාල වෙබ් අඩවි තුළද දැඩි කතාබහක් ඇති වී තිබේ.