ප්‍රංශයේ, නීස් හිදී ජීවිත 84ක් බිලි ගනිමින් තම ම්ලේච්ඡ ප්‍රහාරය දියත් කිරීමට විශාල ට්‍රක් රථයක් භාවිත කළ මොහොමඩ් ලහොඒඉජ් බුල්ලා පොලිස් ප්‍රහාරයෙන් නිහඬ වූ අවසන් මොහොතේ දසුන් විදෙස් මාධ්‍ය වෙත ලැබී තිබුණි.
සැතපුමකට වඩා දුරක් වෙරළාසන්න මාවතේ සිග්සැග් ක්‍රමයට ටොන් ගණනක් බරැති ට්‍රක් රථය ධාවනය කරමින්, ප්‍රංශ ජාතික දින සැමරුමට සහභාගී වී සිටි කුඩා බිළිඳන්, දරුවන්, ඇතුළු 84 දෙනෙකු බිලි ගැනීමෙන් පසුවත්, ඔහු පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ සිය මනුෂ්‍ය සංහාරය අවසන් නොමැති බව හඟවමිනි.
කෙසේ වෙතත්, එම ට්‍රක් රථය ආරම්භයේ සිටම නවතා ගැනීමට පොලීසිය මෙන්ම, යතුරුපැදිකරුවෙකු පවා දැඩි උත්සාහයක් දරණ අවස්ථා පිළිබඳ රූප රාමුද මාධ්‍ය වෙත ලැබී තිබුණි.
එහිදී, අවසානයේ පොලීසිය ට්‍රක් රථයේ මගී කුටිය වෙත අඛණ්ඩව එල්ල කරනලද දැඩි ප්‍රතිප්‍රහාරය හමුවේදී ඔහු ලොරිය තුළදීම අවසන් ගමන් ගොස් තිබුණි. අවසන් මොහොතේදී ලොරිය තුළින් මර හඬක් නැඟුණු බවද සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා තිබුණි.
"ඔහු මිය ගියේ ලොරිය තුළදීයි. ඔහුගේ හිස ලොරියේ ජනේලය අසල වැනෙමින් තිබෙන ආකාරය මා දුටුවා. ආරක්ෂක අංශ එය වටකර අඛණ්ඩව ප්‍රහාර එල්ල කළා. අවසානයේ විදුලි පන්දමක් ඒ වෙත යොමුකර ඔහු මියගියේද යන්න තහවුරු කර ගන්නා ආකාරයද දැකගන්නට ලැබුණා. අවාසනයේ අසල සිටි සියලු දෙනාට ඒ ආසන්නයෙන් ඉවත්වන්නට කියා පැවසුවේ, එහි බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට වූ සැකය නිසා වීමට පුළුවන්" යැයි ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පවසා තිබුණි.