ලොව පුරා ඊයේ (01දා) දිනයේදී පවත්වන්නට යෙදුණු මැයි දින පෙළපාලිවලදී ගැටුම් වාර්තා වූ මැයි රැළි කිහිපයක් පිළිබඳවද වාර්තා වෙයි.
විශේෂයෙන්ම තුර්කියේ, ඉස්තාම්බුල් නගරයේ පාලක පක්ෂයට එරෙහිව පැවති මැයි දින පෙළපාලියට පොලීසිය ප්රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම, සේවක අයිතීන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා ප්රංශයේ පැරිස් නගරයේ පැවති දැවැන්ත මැයි පෙළ පාලියේ පැමිණි පිරිස් පොලීසිය හා කැරලි මර්දන පොලීසිය සමග ගැටුම් ඇති කරගෙන තිබුණු අතර, එහිදී, පොලීසියේ බැටන් ප්රහාරවලට ලක්වීමට වැඩකරන ජනතාවට සිදුව තිබුණි.
මේ අතර, ජර්මනියේ වාමාංශික කණ්ඩායම් විසින් මැයි දිනයට සමගාමීව පවත්වන්නට යෙදුණු උද්ඝෝෂණයටද පොලිස් ප්රහාරයක් එල්ල වී තිබූ අතර, එහිදී උද්ඝෝෂකයන් රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.