ප්‍රංශ ජනපති ෆ්‍රංෂුවා හොලන්ඩේ එරට රංගන ශිල්පිනියක සමග අලුත් පෙමක පැටලී ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වාර්තා කළ ටැබ්ලොයිඩ් පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසා ඇත.
ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ අදාළ වාර්තාව තම පෞද්ගලිකත්වයේ අයිතියට එල්ල කර ඇති ප්‍රකාශයක් බවය. කෙසේ වෙතත් හොලන්ඩේ අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කර නොමැති වීමද විශේෂත්වයකි.
එරට සතිපතා ටැබ්ලොයිඩ් පුවත්පතක් වන ක්ලෝසර් පුවත්පතේ නවතම සංස්කරණයෙහි පිටු හතක් පුරා ජනාධිපතිවරයාගේ හා ජූලි ගෙයිට් නමැති රංගන ශිල්පිනියගේ විස්තර හා ඡායාරූප සමගින් විශේෂාංග ලිපියකින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
41 හැවිරිදි ගෙයිට් රූපවාහිනී හා සිනමා නිළියකි. ඇය චිත්‍රපට 50කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර, හොලන්ඩේ ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ රූපවාහිනී දැන්වීමකද පෙනී සිට ඇත.