ප්රංශ ජනාධිපතිවරණයේ පළමු වැනි වටයෙන් තේරීපත් එමානුවෙල් මාර්කෝන් වෙත සහාය දක්වන ලෙසත්, අන්ත දක්ෂිණාංශික මැරීනේ ලී පෙන් ප්රතික්ෂේප කරන ලෙසත් වත්මන් ජනපති ප්රංශුවා හොලන්දේ ජනතාවට ඉඟි කරයි.
ඔවුන් දෙදෙනා එලැඹෙන මැයි 07 වැනිදා දෙවැනි වටයේ ඡන්දයට මුහුණදීමට නියමිතව සිටින්නේ ඉරිදා පැවති මැතිවරණයෙන් පළමු ස්ථාන ද්විත්වයට පත්වීමත් සමගිනි.
කෙසේ වෙතත්, දැනට පවතින ප්රතිඵල හා පුරෝකථනයන් අනුව මැතිවරණයෙන් මාර්කෝන් ජයග්රහණ මාවතේ සිටින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
වත්මන් ජනපති ප්රංශුවා හොලන්දේ පවසන්නේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයෙකු ජයග්රහණය කිරීම රටට සුබදායක නොවනු ඇති බවයි.
"ප්රංශය මේ අවස්ථාවේදී ඔට්ටු තබා ඇත්තේ තම එකමුතුකම සමගයි. ඒ වගේම යුරෝපා සංගමයේ සාමාජිකත්වය මෙන්ම, ලෝකය තුළ ප්රංශයට හිමිවී තිබෙන තැන සමගයි." යනුවෙන් හොලන්දේ පවසයි.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් හොලන්දේ සිදුකළ ප්රකාශයෙන් ප්රංශ ජනතාවට මාර්කෝන් වෙත නැඹුරුවන ලෙසත්, ලී පෙන් ප්රතික්ෂේප කරන ලෙසත් ඉඟිකළ බව පැවසෙයි.