ප්‍රංශයේ කම්කරු නීති ප්‍රතිසංස්කරණවලට එරෙහිව පැවති උද්ඝෝෂණ වඩාත් දරුණු තත්ත්වයක් ගෙන තිබූ බව විදෙස් වාර්තා පවසයි.
එරට කැරලි මර්ධන හමුදාව හා පොලීසිය සමග ගැටුණු ප්‍රංශ තරුණයන් 27 දෙනෙකු මෙම උද්ඝෝෂණ අතරතුර අත්අඩංගුවට ගෙන තිබුණි.
පැරීසියේ රිපබ්ලිකා චතුරස්රයේ විරෝධතාවක නිරතව සිටින තරුණයන් 150ක පමණ කණ්ඩායමක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කිරීම ගැටුම් උත්සන්න වීමට හේතු වී තිබේ.
මේ අතර ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසන්නේ මෙම උද්ඝෝෂණ සඳහා පැමිණි බොහෝ දෙනෙකු ගැටුම් ඇති කරගැනීමේ පරමාර්ථයෙන්ම එහි පැමිණ ඇති බව පෙන්නුම් කෙරුණු බවයි.