වසර ගණනාවක කාලයක් ප්යොන්ග්යැන්ග් පාලනය සමග සාකච්ඡා කිරීමෙන් ලැබුණු එකම ප්‍රතිඵලය ප්‍රතිඵලයක් නොමැති බීම පමණක් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
ට්විට් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනපතිවරයා පවසන්නේ, ඇමෙරිකානු නායකයන් රැසක් සහ ඔවුන්ගේ පාලන අධිකාරීන් වසර 25ක කාලයක් මුළුල්ලේ උතුරු කොරියාව සමග සාකච්ඡා කර ඇති නමුත්, කිසිදු විසඳුමකට පැමිණ නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව තවදුරටත් පවත්වාගෙන යන බව ට්‍රම්ප් මෙහිදී පවසා නැත.
පසුගිය කාලය පුරා උතුරු කොරියාව විසින් සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම් සමග ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර උණුසුම් සංග්‍රාමයක් වචන හරහා මේ වනවිටත් ආරම්භ වී ඇත.
මීට පෙර ඇමෙරිකානු නායකයා කියා සිටියේ ඇමෙරිකාව සහ ඇමෙරිකානු හිතවාදී රාජ්‍යයන් වෙත උතුරු කොරියාවෙන් ඇතිවන තර්ජනයන් මැඬපැවැත්වීම සඳහා උතුරු කොරියාව විනාශ කිරීමට ඇමෙරිකාව කටයුතු කරන බවයි.