ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයට එරෙහි ප්‍රහාර දැඩි කරන බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරයි.
තම ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව ඊශ්‍රායල් අගමැතිවරයා මෙසේ පවසා ඇත.
ඔහු අවධාරණය කර ඇත්තේ ඊශ්‍රායලය වෙත එල්ල කරන රොකට් ප්‍රහාරවලට හමාස් සටන්කාමීන්ට දැඩි වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවය.
ඊශ්‍රායල් ආරක්ෂක අංශ පෙන්වා දෙන පරිදි බදාදා දිනයේ පමණක් එරට නගර ඉලක්ක කරමින් හමාස් සංවිධානය රොකට් ප්‍රහාර 72ක් එල්ල කර තිබේ.
එමෙන්ම, මේ දක්වා ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් අඩක් සාමාන්‍ය වැසියන් බව කියැවෙයි.