සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරය වයසට යන වේගයට වඩා අට ගුණයක වේගයකින් තම ශරීරය වයසට ගිය ඉන්දියානු තරුණයා ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වෙයි.
මිය යනවිට 15 වැනි වියෙහි පසුවූ නිහාල් බිටාල් ප්රොගේරියා නමැති අති දුර්ලභ රෝගය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් ගෙනගිය, වඩාත් ප්‍රකට චරිතයක් වූ බවද කියැවෙයි.
එහිදී, ඔහු සමාජාජාල අඩවි තුළ මෙම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වඩාත් සක්‍රීය ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කර ඇත.
දකුණුදිග ඉන්දියාවේ, තෙලන්ගනා ප්‍රාන්තයේ රෝහලකදී ඔහු මියගොස් ඇති අතර, ඔහු එම පළාතේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට ගිය අවස්ථාවේ හදිසියේ රෝගාතුර වීමෙන් පසුව මෙසේ මියගොස් ඇත.
මේ දිනවල ඉන්දියාවේ පවතින දැඩි ග්‍රීෂ්ම දේශගුණය හේතුවෙන් ඔහු විජලනයට පත්ව මියයන්නට ඇති බවටද ඇතැම් ඉන්දීය මාධ්‍ය පවසයි.