පක්ෂය දිනුවොත් කාන්තාවන්ට නොමිලයේ සනීපාරක්ෂක තුවා
ඉන්දියාවේ කර්නාටක ප්රාන්තයේ ජයග්රාහී පක්ෂය විසින් එම කාන්තාවන්ට නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට ඡන්ද පොරොන්දුවක් ලබාදී තිබේ.
කර්නාටක ප්රාන්ත මැතිවරණයට තරග කරන භාරතීය ජනතා පක්ෂය මෙන්ම, කොංග්රස් පක්ෂයද සිය ඡන්ද පොරොන්දු අතරට මෙම සනීපාරක්ෂක තුවාල පොරොන්දුව ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත්, ඉන්දියාවේ කාන්තා ක්රියාකාරිනියන් මෙම ඡන්ද පොරොන්දුව තරයේ විවේචනය කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පසුගිය ජූලි මාසයේදී ඉන්දියාව තුළ සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා 12%ක බද්දක් පැනවීමට කටයුතු කිරීම තුළ විශේෂයෙන් කාන්තාවන් කෝපයෙන් පසුවීමත්, ඇතමෙකු මෙම බදු පැනවීමට එරෙහිව උද්ඝෝෂණ කිරීමත් හේතුවෙන් මෙම ඡන්ද පොරොන්දුව ලබාදෙන්නට ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, ඉන්දීයාවේ කාන්තා ක්රියාකාරිනයන් දේශපාලඥයන්ගේ මෙම ක්රියාවට දැඩි විරෝධයක් දක්වා ඇත්තේ දේශපාලඥයන් විසින්ම බදු වැඩිකර පසුව ඡන්ද පොරොන්දු අතරට එය රැගෙන විත් තිබූ නිසාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

