බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පතට ඉන්දියාවේ ජනප්‍රිය බොලිවුඩ් නිළි දිපිකා පදුකෝන් හඳුනාගැනීමට නොහැකි වූ බව පවසමින් ඉන්දියානුවන් එම පුවත්පත සමාජජාල හරහා දැඩි සමච්චලයකට ලක්කර තිබේ.
සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් පසුගියදා ලොස් ඇන්ජලීස් නුවර අවන්හලක කාන්තා සගයෙකු සමග රාත්‍රී භෝජනයකට ගොස් සිටියේ යැයි සිරස්තලයක්ද සහිතව එම පුවත්පත විශේෂ පුවතක් පළ කර තිබුණත්, ඔහු සිටියේ ප්‍රකට නිළි පදුකෝන් සමග බව ඔවුන් හඳුනාගෙන නොමැති වීම මෙසේ සමච්චලයට ලක්කිරීමට හේතු වී ඇත.
එහිදී, ලොස් ඇන්ජලීස් නුවර ප්‍රකට අවන්හලකින් නොවැක් සමග පදුකෝන් පිටතට පැමිණෙන ඡායාරූප කිහිපයක් හා ඔවුන් දෙදෙනා එකම වාහනයක නැගී යළි පිටත්ව යන ඡායාරූප කිහිපයක්ද සහිතව එය ඩේලිමේල් පුවත්පතේ පළ කර තිබුණත්, ඇගේ නම සඳහන් කර නොතිබුණි.
කෙසේ වෙතත්, මෙම හමුවේදී සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ඉතා සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටියත්, පදුකෝන් වඩාත් ආකර්ෂණීය රාත්‍රී භෝජනයකට පැමිණ සිටි බවක් ඇගේ ඇඳුම් ආයිත්තම්වලින්ම පැහැදිලි විය.
මෙහිදී, දීපිකා පදුකෝන් ටෙනිස් ක්‍රීඩක නොවැක් මෙන්ම, ඔහුගේ බිරිඳගේ පැරණි මිතුරියක ලෙස හුවාදැක්වීඹට ඉන්දියා මාධ්‍ය කටයුතු කර තිබුණත්, ඔවුන් දෙදෙනාගේ මෙම හමුව නම් මිතුදමකට එහා ගිය හමුවක් බව බොහෝ දෙනෙකු පවසා තිබුණි.