බංග්ලාදේශයේ උතුරුදි මයිමෙන්සිං ග්‍රාමයේ රෙදි බෙදාදීමේ අවස්ථාවක ඇති වූ තදබදයක් හේතුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
නොමිලේ ලබාදෙන රෙදි ලබාගැනීම සඳහා එහි කුඩා ගේට්ටුව අසල සිය ගණනක පිරිස්ක පොරකමින් ඊට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.
කෙසේ වෙතත්, මේ සම්න්ධයෙන් අදාළ කර්මාන්තශාලාවේ හිමිකරු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අතඅඩංගුවට ගෙන තිබේ.
රාමදාන් සමයේ ධනවත් බංග්ලාදේශ ජාතිකයන් මෙසේ දූගීන් වෙනුවෙන් නොමිලේ විවිධ දේ ලබාදෙන අතර, එහිදී, රෙදි ලබාදීමද සාමාන්‍ය සිදුවීමක් බව කියැවෙයි.