මෙවර නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී ජාත්‍යන්තර සංවිධානයක් වන Ican වෙත පිරිනමා තිබේ.
න්‍යෂ්ටික අවි අහෝසි කිරීමේ ජාත්‍යන්තර සංවිධානය ලෙස සැලකෙන මෙම Ican සමාගම වෙත මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට හේතු වී තිබෙන්නේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සන්ධානගත වීම සඳහා මෙම සංවිධානයේ සුවිශේෂී කැපවීම බව නොබෙල් සාම ත්‍යාග කමිටුවේ සභාපති බෙරිට් රීස් ඇන්ඩර්සන් පවසයි.
"අප අද ජීවත් වන්නේ එදාට වඩා න්‍යෂ්ටික අවි ආයුද රැසක් භාවිත කිරීමේ දැඩි අවදානමක් පවතින ලෝකයකයි" යනුවෙන් සභාපතිනිය පවසා තිබේ.
මෙවර නොබෙල් සාම ත්‍යාගය දැනුම් දෙමින් නොර්වේ ඔස්ලෝ නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මෙම අදහස් දක්වා තිබේ.
එමෙන්ම, සිය අදහස් දැක්වීම තුළ උතුරු කොරියාව විවේචනය කිරීමටද ඇය කටයුතු කර තිබේ.
ඇය පවසන්නේ න්‍යෂ්ටික අවි පවතින රටවල් එම න්‍යෂ්ටික අවි ඉවත්කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කතිකාවතකට පැමිණීමට මෙය කාලය බවයි.