නේපාලයට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් දකුණුදිග ප්රදේශවල කොටුවී සිටින පිරිස් බේරාගැනීම සඳහා හස්ථීන් සහ පාරු යොදාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
චිත්වාන් දිස්ත්රික්කයේ, සවුරාහා ප්රදේශයේ හෝටල් කිහිපයක සංචාරකයන් පිරිසක්ද ගංවතුරට කොටුවී සිටින බව සඳහන් වෙයි.
නේපාලය පුරා බලපෑ ප්රබල මෝසම් වර්ෂාවත් සමග ගංවතුර මෙන්ම, නායයෑම් තත්ත්වයක්ද වාර්තා වී තිබේ.
මෙම අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 49 දෙනෙකුට දිවි අහිමිව ඇති බව නේපාල බලධාරීහු පවසති.
රතු කුරුස සංවිධානය පෙන්වා දෙන්නේ ගංවතුර තත්ත්වයෙන් 100,000කට උන්හිටි තැන් අහිමිව ඇති බවයි. එමෙන්ම, විදුලිබලය හා සන්නිවේදන පද්ධතීන් රටේ බොහෝ ප්රදේශවල ඇණහිට ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.