රික්ටර් පරිමාණ 7.8ක භූ කම්පනයෙන් මසකට පසුව නේපාලයේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් දක්වන එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ආහාර සහ නවාතැන් පහසුකම් ඒ ජනතාවට තවදුරටත් අවශ්‍ය බවයි.
නේපාලය යලි ගොඩනැගීමට පෙර එම ජනතාවට හදිසි සහනාධාරවල හිඟයක් පවතින බව එම සංවිධානයේ බලධාරීන් පෙන්වා දෙයි.
එරටට බලපෑ භූ කම්පනයෙන් ජීවිත 8,000ක් අහිමි වූ අතර, බොහෝ දෙනෙකු නිවාස නොමැතිව වෙසෙති.
කෙසේ වෙතත්, නේපාල රජය චෝදනා කරන්නේ සෘජු අරමුදල් පැමිණීමේ ප්‍රමාදයක් පවතින බැවින්, තවදුරටත් විදෙස් සහනාධාර අවශ්‍ය බවයි.