ජීවිත 7,500ක් අහිමි කළ නේපාල භූ කම්පනයෙන් පසුව එම භූ කම්පනයෙන් පීඩාවට පත් කාන්තාවන් දරුවන් සිය ගණනක් ප්රසූත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙහිදී, බොහෝ දරුවන් කූඩාරම් තුළ හෝ තාවකාලික රෝහල් තුළදී උපත ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව භූ කම්පනයෙන් ගර්භිනී මව්වරු 126,000ක් පීඩාවට පත්ව තිබුණි.
මේ අතර, භූ කම්පනයෙන් පසු රෝග පැතිරීමේ අවදානමක්ද නේපාලය තුළ පවතින බව එරට බලධාරීහු පෙන්වා දෙති.