නේපාල කාන්තාවන් විශාල පිරිසක් වාර්තාගත ලෙස මෙම වසන්ත සෘතුවේදී එවරස්ට් කන්ද තරණය කරමින් සිටින බව එරට බලධාරීහු පවසති.
ඒ අනුව, නේපාල කාන්තාවන් 15 දෙනෙකු මෙවර එවරස්ට් තරණයට සූදානමින් සිටින බවත්, ඊට සාපේක්ෂව එවරස්ට් තරණයට එක්වන නේපාල පිරිමන් සංඛ්‍යාව 5ක් පමණක් බවත් සඳහන් වෙයි.
අවසන් වරට නේපාල කාන්තාවන් වැඩිම පිරිසක් එවරස්ට් තරණය කළ වසර ලෙස 2008 සැලකෙන අතර, එවර කාන්තාවන් 10 දෙනෙකු කඳු මුදුනට ළඟා වීමට සමත්ව තිබුණි.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් ලෝකය තුළ කතාබහක් ඇති කිරීමේ අරමුණින් මේ ආකාරයෙන් වැඩි කාන්තා පිරිසක් මෙවර එවරස්ට් තරණයට සූදානමින් සිටින බවද නේපාලයෙන් වාර්තා වෙයි.