නේපාලයේ කඳුකර ප්රදේශයකදී ජීවිත 23ක් බිලිගනිමින් සිදුවූ ගුවන් අනතුරේ මියගිය පිරිසේ සිරුරු සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බව පැවසෙයි.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මෙහෙයුම් ඊයේ නවතා දමා තිබුණු අතර, යළි කාලගුණය යහපත් වීමෙන් පසුව මෙහෙයුම් ආරම්භ විය.
තාරා එයාර් ගුවන් සේවයේ ද්විත්ව එන්ජින් ගුවන් යානය පොඛාරා සිට ජොම්සේ බලා පියාසර කිරීමට ගමන් ආරම්භ කර සුළු වේලාවකින් මෙසේ අනතුරට පත්ව තිබුණි.
මෙම යානයේ සිදුවූ අනතුරින් මියගිය වැඩි පිරිස නේපාල ජාතිකයන් බව කියයි. කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු හා මගීන් 20 දෙනෙකු රැගෙන ගොස් තිබූ ගුවන් යානයේ මියගිය පිරිසෙන් දෙදෙනෙකු කුඩා දරුවන් බව කියැවෙයි. එමෙන්ම, මියගිය පිරිස අතර චීන හා කුවේට් ජාතිකයෙකුද වෙයි.
නේපාල ගුවන් සේවයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පැවතියේ අද ඊයේ නොවන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.