නේටෝ සංවිධානයේ සියලු රාජ්‍යයන් ආරක්ෂාව සම්බන්ධයෙන් වූ වැය ශීර්ෂයන් ඉහළ දැමීමට අපොහොසත් වුවහොත් ඇමෙරිකාවටද සියයට සියයක කැපකිරීමක් සිදුකළ නොහැකි බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසයි.
නේටෝ සංවිධානයේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් මෙම අදහස් පළ කළ අතර, ජනපති ට්‍රම්ප්ද නිරන්තරයෙන් පවසා සිටියේ නේටෝ සාමාජිකයන් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක්වත් ආරක්ෂක වියදම් සඳහා වෙන්කළ යුතු බවයි.
කෙසේ වෙතත්, දැනට නේටෝ සාමාජිකත්වය දරන රටවල් 27 අතරින් එවැනි වෙන් කිරීමක් සිදුකරන්නේ රාජ්‍යයන් 5ක් පමණි.
එමෙන්ම, නේටෝ සංවිධානය අත්ලාන්තික් සහයෝගීතාවයෙන්ද ඔබ්බට ප්‍රධාන මූලාධාරයක් ලෙස පවතින්නේ යැයි සඳහන් කරමින් එම සංවිධානය අගය කිරීමටද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අමතක නොකළේය.