මෙක්සිකෝ බොක්ක ආසන්නයේ පිහිටි ඇමෙරිකානු ප්‍රාන්ත වෙත නේට් සුළි කුණාටුවේ බලපෑම දැඩිව ඇතිවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිටත් නිව් ඕර්ලන්ස් ප්‍රාන්තයේ ජනතාව ඉවත්කිරීම ආරම්භ කර ඇති අතර, මීට වසර 12කට පෙර කත්රිනා සුළි කුණාටුවෙන් දැඩි හානි පැමිණියේද මෙම ප්‍රාන්තය වෙතයි.
නේට් සුළි කුණාටුව කොස්ටර් රිකා, නිකර්ගුවා සහ හොන්ඩූරාස් රාජ්‍යයන් වෙත බලපෑම් කරමින් මේ වනවිටන් මිනිස් ජීවිත 23ක් බිලිගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම සුළි කුණාටුව තවමත් පළමු වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් ලෙස ක්‍රියාත්මකව පවතින අතර, මීට සති කිහිපයකට පෙර බලපෑ අර්මා සහ මාරියා සුළි කුණාටු තරම් ප්‍රබලත්වයක් ඇති නොකරනු ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මෙහි බලපෑමෙන් හදිසි ගංවතුර ඇතිවිය හැකි අතර, ලුසියානා සිට ඇලබාමා දක්වා වූ මෙක්සිකෝ බොක්ක ආශ්රිත ඇමෙරිකානු ප්‍රාන්ත වෙත දැඩි බලපෑමක් ඇති කරනු ඇති බව කියැවෙයි.
ආසන්න සති කිහිපය තුළ ඇමෙරිකාව සොයා පැමිණෙන තෙවැනි දරුණුතම සුළි කුණාටුව බවට නේට් පත්ව ඇත.
නේට් සුළි කුණාටුව හේතුවෙන් කොස්ට රිකා හි ලක්ෂ 4ක පමණ ජනතාවක් පානීය ජලය නොමැතිව පීඩා විඳින අතර, දහස් ගණනක් දෙනා මේ වනවිටත් පැල්පත්වල වාසය කරයි.
