ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රනින් කළ ස්මාරකයක් ටෙල් අවිව් නගර මධ්‍යයට එක්වරම පැමිණ තිබූ අතර, එම පුවත සමාජජාල අඩවිවල වඩාත් වේගවත්ව පැතිර තිබුණි.
කෙසේ වෙතත්, ඉන් පැය කිහිපයකට පසුව එම ස්මාරකය එය තිබූ ස්ථානයෙන් කොටස්වලට ගලවා ඉවත් කර තිබුණි.
අඟහරුවාදා උදෑසන කාලයේදී මේ ආකාරයෙන් අගමැතිවරයාගේ පිළිරුව ටෙල් අවිව් හි රබීන් චතුරස්රයේ තැන්පත් කර තිබුණි.
කෙසේ වෙතත්, මෙය එරට මූර්ති ශිල්පියෙකු වූ සලායිට්ගේ කලා නිර්මාණයක් බවත්, එය මාධ්‍යයේ අවධානය දිනාගැනීම වෙනුවෙන් සිදුකළ දේශපාලන කලා කෘතියක් බවත් පසුව අනාවරණය කෙරිණි.
සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ප්‍රමාණයෙන්ම නිර්මාණය වී තිබූ මෙම පිළිමය තැන්පත් කළ අවස්ථාවේ සිට බොහෝ පිරිස් ඒ වෙත පැමිණ සෙල්ෆී ගන්නා ආකාරය දැකගත හැකිවිය.