යුරෝපය මුහුණදෙන ප්‍රබල සංක්‍රමණික අර්බුදය හමුවේ, එම නීතිවිරෝධී සංක්‍රමණිකයන් යුරෝපයට පැමිණීම වැළැක්වීමේ කඩිනම් පියවර ගැනීමට යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් කටයුතු කරමින් සිටියි.
ඔහු පවසා ඇත්තේ මෙම නීතිවරෝධී සංක්‍රමණිකයන් නිරර්ථක උත්සාහයක් වෙනුවෙන් තම ජීවිත මෙන්ම තම ධනයද පරදුවට තබන බවයි.
සභාපතිවරයා ග්‍රීසියේ හා තුර්කියේ සංචාරය කරමින් යුරෝපය වෙත තවදුරටත් සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමට අදාළ එකඟතාවන් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටියි.
කෙසේ වෙතත්, මේ වනවිට 25,000ක පමණ සංක්‍රමණිකයන් පිරිසක් යුරෝපයට ඇතුළු වීමට නොහැකිව ග්‍රීසියේ රැඳී සිටින අතර, බෝල්කන් රාජ්‍යයන් දේශසීමා ආරක්ෂාව තර කිරීමට මීට හේතු වී තිබේ.