කාම්බෝජයේ ප්‍රකට නිළියක වෙත අමානුෂික ලෙස පහර දුන් එරට ප්‍රකෝටිපතියෙකු අධිකරණය ඉදිරියේ වැරදිකරු වෙමින් සිර දඬුවමට යටත් වී තිබේ.
ඒ අනුව, 37 හැවිරිදි සෝක් බන් නමැති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාට වසර තුනක සිරදඬුවමක් නියම වී ඇති අතර, මෙම පහරදීම සිදුවූ අවන්හලේ සී.සී.ටී.වී. දර්ශන හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම පහරදීමෙන් පසුව අදාළ ව්‍යාපාරිකයා සිංගප්පූරුවට පළා ගියත්, එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් විසින් මෙම තැනැත්තා යළි සිය රට පැමිණිය යුතු බව පැවසීමත් සමග ඔහු යළි කාම්බෝජය වෙත පැමිණ තිබේ.
මෙම පහරදීමට ලක්වූ සා සා නමැති නිළියගේ නීතීඥයන් පවසන්නේ ඔවුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවයි. තවදුරටත් ඇපෑලක් ඉදිරිපත් කිරීමේ අදහසක් සිය සේවාදායිකාවට නොමැති බවද ඔවුන් පවසා තිබේ.