නිවර්තන කලාපයකදී උපත ලබා තිබූ ලොව එකම හිම වළසා ලෙස සැලකෙන ඉනුකා, සිංගප්පූරු සත්වෝද්‍යානයේදී මියගිය පුවත විදෙස් වාර්තා පවසයි.
සාමාන්‍යයෙන් හිම වළසෙකු ජීවත් වන කාල පරාසයට වඩා දශකයකට ආසන්න කාලයක් අයු ලබා තිබූ ඉනුකා, සත්වෝද්‍යානය තුළදීම මෙළොව එළිය දැක තිබුණි.
කෙසේ වෙතත්, මෙම සත්වයා සම්බන්ධයෙන් වනසත්වවේදීන් හා සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් අතර කාලය පටන් මතභේදයන්ද පැවතුණි.
මෑතකදී ඉනුකා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදී සන්ධි ඉදිමීම, දන්ත රෝග සහ කනේ ඇතිවූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳිමින් සිටි බව අනාවරණය කෙරුණි.
මේ අතර, මෙම සත්වයාගේ බාහු දුර්වල තත්ත්වයක පැවති නිසා ඇවිදීමේ අපහසුතාවලින්ද පීඩා විඳිමින් සිට ඇති බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.
ඒ අනුව, තවදුරටත් නිර්වින්දන තත්ත්වයෙන් ඉනුකා තබාගැනීමට තීරණය නොකිරීමට සත්වෝද්‍යාන බලධාරීන් තීරණය කර ඇත්තේ වයෝවෘද්ධ තත්ත්වය නිසා සත්වයා තවදුරටත් අපහසුතාවට පත්වනු ඇති නිසා බවද ඔවුහු පවසා සිටිති.