ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති දරුණු නියඟය හේතුවෙන් එම ප්‍රදේශ වෙත ගංගා ජලය හරවා එවීමේ හදිසි වැඩපිළිවෙළකට එරට රජය සූදානමින් සිටියි.
ඒ අනුව, ඉන්දියාවේ ප්‍රධාන ගංගාවන් වන ගංඟා සහ බ්‍රහ්මපුත්‍ර ආදී ගංගාවන්ගේ ජලය මෙසේ හරවමින්, මෙම වියළි කාලගුණය පවතින ප්‍රදේශ වෙත එවීමේ සූදානමක් පවතී.
මේ පිළිබඳ අදහස් දක්වන එරට ජල සම්පත් අමාත්‍ය උමා භාරතී පවසන්නේ මේ සඳහා ජනතාවගේ සහාය අතශ්‍යවශ්‍ය බවයි.
මෙය එරට පාලක පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක් මෙන්ම, ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන් වූවක් බැවින් මෙම වැඩපිළිවෙළ කඩිනමින් ඉටුකරන බවද ඇය පවසයි.
මෙම නියඟය හේතුවෙන් මේ වනවිට ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත ජනතාවකට බලපා ඇතත්, මෙසේ ගංගා එකිනෙක සම්බන්ධ කිරීම පරිසර හානියකට මුල පිරීමක් විය හැකි බවටද පරිසරවේදීහු අනතුරු අඟවති.