නිකරගුවා පතල් අනතුරේ වැඩි දෙනෙකු බේරා ගැනේ
නිකරගුවාවේ රන් පතලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පතල තුළ සිරවී සිටි පතල්කරුවන් 24 දෙනාගෙන් වැඩි දෙනෙකු නිරුපද්‍රිතව පිටතට ගැනීමට හැකිවී ඇති බව එරටින් වාර්තා වෙයි.
එහිදී, බොහෝ පතල්කරුවන් යම් කම්පනයකට පත්ව සිටියද, වැඩි දෙනාගේ සෞඛ්‍ය අයහපත් නොවන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත්, තවමත් ඉහළ ගෙන නොතිබුණු පතල්කරුවන් සිටින ස්ථාන නිවැරදිව හඳුනාගෙන තිබෙන්නේද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් කර නොතිබුණි.
පසුගිය බ්‍රහස්පතින්දා ඇති වූ අධික වර්ෂාව නිසා පතල කඩා වැටී ඇති බව පැවසෙයි.
මෙම පතල නිකරගුවාවේ අගනගරය වන මනාගුවා හි සිට කිලෝමීටර් 420ක් පමණ ඊසානදිගින් වූ බොනැන්සා ආශ්‍රිතව පිහිටි රන් පතලකි.
එහිදී, අනතුරට පත්ව ඇති පතල්කරුවන් වැඩි දෙනා පතල් සමාගමට අනුයුක්ත සේවකයන් නොවන බවත්, ඔවුන් නිදහස් පදනම යටතේ සේවය කිරීමට පැමිණි අය බවත් පැවසෙයි.
අනාරක්ෂිත පතල් කර්මාන්ත හේතුවෙන් නිකරගුවාවේ මෙවැනි අනතුරු බහුලව සිදුවන බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

