නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේදී මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානය බිම පතිත වීමත් සමගම එම කලාපයට ඉහළින් පියාසර කිරීමේ අවදානම ජර්මානු රජය අවධාරණය කළත්, එම අනතුරු ඇඟවීම ඉදිරියට ගෙනයෑමට ඔවුහු අපොහොසත් වූහ.
පසුගිය ජූලි 14 වැනිදා යුක්රේන ගුවන් හමුදා යානයක් බිම පතිත වීමත්, ඉන් අනතුරුව මගීන් 298 දෙනෙකු රැගත් MH17 යානය පතිත වීමත් සමග මෙම අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කෙරිණි.
මෙම යානා අනතුර සම්බන්ධයෙන් නෙදර්ලන්තය ප්රමුඛ ජාත්‍යන්තරය සිදුකළ පරීක්ෂණයකදී මැලේසියානු යානය රුසියාවේ නිෂ්පාදිත බක් මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති බව කියවුණි.
කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධ අවසන් වාර්තාව එළැඹෙන ඔක්තෝබර් මාසයේදී එළිදැක්වීමට නියමිතය.