එක් සුළු අත්වැරදීමකින් ලෝකය තුළ පෙර නොවූ විරූ න්‍යෂ්ටික අවදානමක් ඇති කර තිබෙන බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් අවධාරණය කරති.
දින හයක් පූරා සිදුකළ දකුණු ඇමෙරිකානු සංචාරය නිමා කරමින් යළි වතිකානුව බලා පිටත්ව යමින් සිටියදී ගුවන් යානයේ සිට මාධ්‍ය අමතමින් පාප් තුම්න මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
සැබෑ ලෙසම න්‍යෂ්ටික යුද්ධයක පෙර නිමිති පෙන්වන බව පවසන පාප් තුමන්, ඒ පිළිබඳ තමන් බියෙන් පසුවන බවද සඳහන් කර ඇත
දෙවැනි ලෝක සංග්‍රාමය සමයේ ඇමෙරිකාව ජපානයේ නාගසාකි වෙත හෙලූ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයේ ඡායාරූපයක්ද මාධ්‍ය වෙත පෙන්වමින් පාප් තුමන්, බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහෝදරයෙකු කරමත තබාගෙන සිටින කුඩා දරුවෙකු රැගත් එම ඡායාරූපය පෙන්වමින් යුද්ධයේ ඵලය මෙය යැයි අවධාරණය කර ඇත.