සිරියාවේ ඩමස්කස් නගරය ආසන්න රසායනික අවි ප්‍රහාරයක් එල්ල වූයේ යැයි කියන ඩොවුමා නගරය වෙත අවසානයේදී ජාත්‍යන්තර රසායනික අවි පිළිබඳ විශේෂඥයන් ළඟා වී තිබේ.
රසායනික අවි වැළැක්වීමේ සංවිධානය නමැති මෙම සංවිධානයේ විශේෂඥයන් එහිදී විශේෂ පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහිදී ඔවුන් නියැදීන් කිහිපයක් සහ තවත් කොටස් කිහිපයක් එකතු කරගෙන ඇති බවද කියයි.
පසුගිය අප්‍රේල් 07 වැනිදා සිරියානු රජයේ හමුදා විසින් එල්ල කළේ යැයි චෝදනා කළ මෙම රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය ප්රමුඛ ඒකාබද්ධ හමුදා සිරියාවේ ඩමස්කස් නගරය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
මෙම ප්‍රහාරය පසුපස ඩොවුමා නගරයේ පාලනයට සහාය වන රුසියාවද සිටින බවට බටහිර චෝදනා කළත්, සිරියාව හා රුසියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.