නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් පළාතේ ඇතිවී තිබෙන ලැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිවාස රැසක් ගිනිබත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ සමගම ක්‍රිස්ට්චර්ච් නගරය හා ඒ ආශ්රිත සෙල්වයින් දිස්ත්‍රික්කයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ගිනි නිවන හමුදාවට සහාය වීම සඳහා ආරක්ෂක අංශද ප්‍රදේශය වෙත යොමුකර තිබේ.
දැනට නිවාස 11කට වැඩි ප්‍රමාණයක් ගින්නට හසුව විනාශ වී ඇති බවත්, නගරය පුරා දැඩි දුමාරයක් පවතින බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
ගිනි නිවන භටහන් 130ක් සහ හෙලිකොප්ටර් යානා 14ක්ද, ගුවන් යානා තුනක්ද ගින්න මැඬපැවැත්වීම සඳහා දිවා රෑ නොබලා සේවයේ යොදවා ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, පළාතේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පොලීසිය මැදිහත් වීමෙන් කටයුතු කර ඇති අතර, සෙසු පිරිස් ස්වෙච්ඡාවෙන්ම ඉවත්ව ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.