නවසීලන්තයේ ඇති වූ රික්ටර් පරිමාණ 5.8ක භූ කම්පනයක් හේතුවෙන් මුහුදු වෙරළාරශ්රිත විශාල කඳුපරයක් මුහුදට කඩා වැටී තිබේ.
මෙම භූ කම්පනය ලක්ෂ දෙකකට ආසන්න ජනතාවට තදින්ම දැනී ඇති නමුත්, එය දේපොළ හෝ ජීවිත හානි කිරීමට තරම් ප්‍රබල තත්ත්වයක නොපැවති බවද කියැවෙයි.
2011 වසරේදී ජීවිත 185ක් බිලිගත් ක්‍රිස්ට්චර්ච් භූ කම්පනය සිදුවූ ස්ථානයට කිලෝමීටර් 17ක් නැගෙනහිරින් මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය වාර්තා වී ඇත.
මෙම කඳුපරය කඩා වැටී ඇත්තේ ටේලර්ස් මිස්ටේක් බොක්ක ආශ්‍රිතවය.
මෙම භූ කම්පනය අවස්ථාවේදී එම කඳුපරය ආශ්‍රිතව සිටි පිරිස් ජීවිත බේරාගෙන ඇත්තේ අනූනවයෙන් බවද කියැවෙයි.