නවසීලන්තයේ ධීවර බෝට්ටුවක් පෙරළීම නිසා සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම බෝට්ටුව අනතුරට පත්වන අවස්ථාවේ එහි පුද්ගලයන් 11 දෙනෙකු සිටි ඇති අතර, අයහපත් කාලගුණය මධ්‍යයේ ඔක්ලන්ඩ් සිට උතුරින් වූ කයිපාරා වරායේ සිට ගොස් සෙසු පිරිස් බේරාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අවස්ථාවේදී පැයට කිලෝමීටර් 50ක පමණ සුළඟක් පැවති ඇති අතර, මීටර් එකත්, තුනත් අතර උසට රළ නැග ඇති බවද කියයි.
කෙසේ වෙතත්, තව එක් පුද්ගලයෙකු සිද්ධියෙන් අතුරුදන්ව ඇති බවද විදෙස් වාර්තා පෙන්වාදෙයි.