නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස බිල් ඉංග්ලිෂ් දිවුරුම් දුන් බව විදෙස් වාර්තා පවසයි.
එරට හිටපු අග්‍රාමාත්‍ය ජෝන් කී, බලාපොරොත්තු නොවූ අයුරින් සිය ධුරයෙන් ඉවත්ව යෑමත් සමග හිස් වූ අගමැති පුටුවට මෙසේ බිල් තේරී පත්ව තිබේ.
නවසීලන්තයේ පාලක ජාතික පක්ෂයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි බිල්, වෙලිංග්ටන් නුවරදී සිය දිවුරුම්දීම සිදුකර තිබේ.
ඒ අනුව, බිල්ගෙන් හිස් වූ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයට සමාජීය නිවාස අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පෝලා බෙනෙට් තේරීපත්ව තිබේ.
එරට ජාතික පක්ෂය විසින් සිදුකළ අභ්‍යන්තර සාකච්ඡාවකින් පසුව මේ ආකාරයෙන් නව අග්‍රාමාත්‍යවරයා හා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය නම් කිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.