ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් සිය නවතම චන්ද්‍රිකාව වූ ටෙස් චන්ද්‍රිකාව ෆ්ලොරිඩා හි කේප් කැනවරාල් හි සිට අභ්‍යවකාශගත කර තිබේ.
අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ඇති දහස් ගණනක් වූ සෞරග්‍රහ මණ්ඩල සොයායෑමේ අරමුණින් මෙම ටෙස් චන්ද්‍රිකාව උඩු ගුවනට යැවූ බව ඔවුහු පවසති.
ඒ අනුව, අභ්‍යවකාශයේ කිලෝ මීටර් දහස් ගණනක් දුරින් වූ ලක්ෂ සංඛ්‍යාත ග්‍රහ වස්තූන් පිළිබඳ තවදුරටත් අවබෝධයක් ලබාගැනීම මෙම ව්‍යායාමයෙහි අරමුණ වී ඇත.
ඒ අනුව, මේ ආකාරයෙන් නව ග්‍රහලෝක සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණයේ යෙදෙන අනෙකුත් චන්ද්‍රිකා සහ දුරේක්ෂයන්ගෙන් ලබාගන්නා තොරතුරු ද සම්බන්ධ කරගනිමින් වඩාත් නිරවුල් අවබෝධයක් ලබාගැනීමද මෙම මෙහෙයුමේ අරමුණක් වී තිබේ.