නයිජීරියාවේ, නැගෙනහිර අඩාමාවා පළාතේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මූබි නගරයේ මුස්ලිම් දේවස්ථානයක් තුළ උදෑසන යාඥාව සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අවස්ථාවේදී බෝම්බකරු එම දෙවස්ථානයට කඩා වැදී සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින්වත් භාර නොගත්තද, නයිජීරියාවේ පසුගිය කාලය පුරා ප්‍රහාර එල්ල කළ බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරය පසුපසද සිටින බව පොලීසිය විශ්වාස කරයි.
වසර අටක කාලයක් පුරා නයිජරීයාව තුළ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී බොකෝ හරාම් ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වනවිට අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 20,000ක් පමණ වන බව බලධාරීහු පවසති.
මෙම පළාත තුළම පසුගිය දෙසැම්බර් මාසයේදී සිදුවූ මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.