ගිනිකොණදිග නයිජීරියාවේ, යූයෝ නගරයේ දේවස්ථානයක වහළ කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 60ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම දේවස්ථානය තුළ පැවති නායක දේවගැතිවරයෙකු උසස් කිරීමේ උත්සවයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසීය.
රෙයිග්නර්ස් බයිබල් දේවස්ථානය තුළ එම අවස්ථාවේදී විශාල පිරිසක් රැඳී සිට ඇති අතර, අක්වා ඉබෝම් ප්රාන්ත ආණ්ඩුකාර උඩොම් එමානුවෙල්ද එහි රැඳී සිට ඇති බව කියැවෙයි. කෙසේ වෙතත්, මෙම අනතුරින් ආණ්ඩුකාරවරයා දිවි බේරාගෙන තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී පවා එම දේවස්ථානය ඉදිවෙමින් පැවති බවත්, මෙම විශේෂ උත්සවය සඳහා ඉදිකිරීම් ශිල්පීන් ලහි ලහියේ සේවය කරමින් සිට ඇති බවත් ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසීය.