බ්‍රිතාන්‍ය හමුදා ඇමෙරිකාව ආක්‍රමණය කළ සමයේදී, එනම් වර්ෂ 1812 දී ධවල මන්දිරය ගිනිබත් කළේ කැනඩා හමුදාව දැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගෙන් විමසා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කැනඩා අගමැතිවරයා සමග පැවති දුරකථන සංවාදයක් අවස්ථාවේදී ජනපති ට්‍රම්ප් මෙම ප්රශ්නය අසා ඇති බවත්, එය විහිළුවක්ද, නැත්නම් හිතාමතා ඇසූ ප්‍රශ්නයක්ද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු නායකයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කැනේඩියානුවන් අතර යම් හිත් රිදීමක් ඇතිවී තිබෙන බව මෙම පුවත හුවා දක්වා ඇති සී.එන්.එන්. වාර්තා පවසයි.
නමුත්, ධවල මන්දිරය ගිනිබත් කළ කාලයේදී කැනේඩියාවනුවන් ඇමෙරිකාව තුළ නොසිටි බවත්, එය බ්‍රිතාන්‍ය හමුදා විසින් සිදුකරන ලද්දක් බවත් එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
"ඔබලාගේ මිනිස්සුද ධවල මන්දිරයට ගිනි තිබ්බේ?" යැයි ට්‍රම්ප් විසින් අසා ඇත්තේ ඇමෙරිකාව විසින් පනවා ඇති නවතම බදු සම්බන්ධයෙන් නායක දෙපළ අතර පැවති සාකච්ඡාවකදී බවද සඳහන් වෙයි.
ඇමෙරිකාවේ මෙම නව බදු ප්‍රතිපත්තිය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලැබූවක් යැයි පවසමින් එය සාධාරණීකරණය කළ හැකිදැයි කැනේඩියානු නායකයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ට්‍රම්ප් මෙම අදහස ඉස්මතු කර ඇති බවද සී.එන්.එන්. වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.