බ්රසීල ජනාධිපති ඩිල්මා රොයුසෙෆ්ට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව, ඇයට එරෙහි තහනමක් පැනවීම සඳහා එරට සෙනට් මණ්ඩලය ඡන්දය පාවිච්චි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
රජයේ ආර්ථික දත්ත වසන් කරමින් 2014 මැතිවරණයට ඉදිරිපත් වීම ඇයට එරෙහිව නැගුණු චෝදනාව විය.
මෙම ප්රතිඵලයත් සමග බ්රසීල ජනාධිපතිවරියට සිය චෝදනාවන්ට මුහුණ දීමට සිදුවී ඇති අතර, ඇයට එරෙහි පරීක්ෂණ පැවැත්වෙන තුරු බ්රසීල ජනාධිපති ධුරය සඳහා තාවකාලිකව, උප-ජනාධිපති මයිකල් ටර්මර් කටයුතු කරනු ඇත.