ඇමෙරිකාව හා මෙක්සිකෝව අතර ඉදිකිරීමට නියමිත දේශසීමා තාප්පයට අරමුදල් සපයා ගැනීමේ අරමුණින් මිලියන දෙකකට අධික අනවසර සංක්‍රමණිකයන් පිරිසකට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාදීමට ධවල මන්දිරය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
මේ සඳහා වූ සැලැස්ම ජනපති ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු විසින් සකස් කරමින් සිටින බවත්, ඒ සඳහා ඩිමොක්රටික් පක්ෂය සමග සාකච්ඡාවක නිරත වන බවත් කියැවෙයි.
මෙම තාප්පය ඉදිකිරීම සඳහා ඇ.ඩො.බිලියන 25ක අරමුදලක් ලබාගැනීම වෙනුවෙන් වූ පනත් කෙටුම්පත මෙසේ සැකසෙන අතර, එය ලබන සඳුදා එළිදැක්වෙනු ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම පනත සඳහා මුල සිටම ඩිමොක්රටික් පක්ෂය විරෝධය දැක්වූ අතර, ඔවුන් මෙම සැලැස්ම තරයේ හෙළා දැක තිබුණි.