තම ගුවන් සීමාව උල්ලංඝනය කරන ඕනෑම යානයක් බිම හෙළීමට පසුබට නොවන බව තුර්කි අගමැති අහ්මට් ඩෙව්ටොග්ලු අවධාරණය කරයි.
සිරියානු දේශසීමා ආසන්න තුර්කි ගුවන් කලාපයේදී ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නේටෝ සාමාජික අගමැතිවරයා මෙසේ පැවසීය.
සිරියානු ගැටුම් උත්සන්න වීමත් සමග රුසියානු, සිරියානු මෙන්ම ඇමෙරිකානු ඒකාබද්ධ පෙරමුණේ යානා සිරියානු දේශසීමා ආසන්නයේ නිරන්තරයෙන් ගමන් කිරීම අරඹා තිබේ.
කෙසේ වෙතත්, නේටෝ සංවිධානයේ දෙවැනි විශාලතම හමුදාවට හිමිකම් කියන තුර්කිය මෙසේ ඩ්‍රෝන යානයක් බිම හෙළීමත් සමග යම් මතභේදකාරී තත්ත්වයක්ද ඇතිව තිබේ.
මෙම යානය කවර කලාපයක සිට පැමිණි එකක්ද යන්න පිළිබඳ තුරුකිය තවමත් පරීක්ෂණ පවත්වන අතර, මෙය රුසියාවට අයත් විය හැකි බව ඇමෙරිකාව කියයි.