කෙන්යාවේ පවතින දූෂණයට එරෙහිව එරට ආරක්ෂක හමුදා සහ එම මාධ්‍ය ප්‍රකාශකගේ ට්විටර් ගිණුම ක්‍රියාදරයන් පිරිසක් විසින් හැක් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව එහි එක් ටිව්ටර් පණිවුඩයක සඳහන් වූයේ, "උඹලා ඔක්කොම සල්ලි හොරකම් කරනවා. අපි උඹලා පස්සෙන් ඉන්නවා" යනුවෙනි.
මෙම ට්විටර් පණිවුඩ 'Anonymous' හෙවත් 'නිර්නාමික' යනුවෙන් හැඳින්වෙන ක්‍රියාදරයන් පිරිස විසින් හැක් කරන ලද බවද කියැවෙයි.
එහිදී, මෙම ක්රියදරයන් විසින් එරට ජනාධිපති උහුරු කෙන්යාටා විවේචනය කර ඇති අතර, ඔහු ඇති හැකි අය පමණක් ආරක්ෂා කරන අයෙකු බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ හොර දඩයක්කාරයන් අල්ලා ගැනීමට ඔහු කිසිවක් නොකරන බවත් පෙන්වා දී තිබේ.
පසුගිය වසරේදී Anonymous Africa යනුවෙන් හැඳින්වුණු කණ්ඩායමක් විසින් සිම්බාබ්වේ ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය හැක් කර තිබුණු අතර, දකුණු අප්‍රිකානු පාලනයේ අප්‍රිකානු ජාතික කොංග්‍රස වෙබ් අඩවියද හැක් කර තිබුණි.
Anonymous නිදහස් ක්රියාදරයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වන අතර, ඔවුන් පසුගිය වසර කිහිපය තුළ සමාජයේ ඉහළ තානාන්තර දරන්නන්ට එරෙහිව අන්තර්ජාලය තුළින් උද්ඝෝෂණ කිරීම හා හැකර් පහරදීම් සිදුකිරීමට කටයුතු කර තිබුණි.